ශ්රී ලංකා නාවික හමුදාව; මුලතිව්, අම්බලන්පොක්කනේ ප්රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්රදේශයෙහි සහ ත්රීකුණාමලය පොඩුවකට්ටු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයෙහි 2024 මැයි මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.