මෙහෙයුම් පුවත්
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණු මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් අද දින (2024 මැයි 31) නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කෙරිණි.
31 May 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 617 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය දහ හතකට (617) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 May 2024


