නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, ෆවුල් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ යාන් ඔය මෝය අසල, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලිතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින සිට අද දින (2024 ජුනි 06) දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පනස් දෙදෙනෙකු (52) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජුනි මස 04 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ එක් ඩිංගි යාත්‍රාවක් (01), ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය, ෆවුල් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙනෙකු (20) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය මඟින් පුල්මුඩේ යාන් ඔය මෝය අසල මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ එක් ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 ජුනි මස 05 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ අද දින (2024 ජුනි 06) නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙකක් (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) වශයෙන් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පනස් දෙදෙනෙකු (52) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 56 ත් අතර වයසේ පසුවන නිලාවේලි, කින්නියා, මූතූර්, පොඩුවකට්ටු සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය, මූතූර් ධීවර පරීක්‍ෂක කාර්යාලය, කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය, සහ මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.