මෙහෙයුම් පුවත්
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම්, පාලම් තුල අවහිරතා ඉවත් කිරීම් සහ පිලිසකර කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩව සහය
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 06 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් තිස් හයක් (36) තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්තව ඇත. එමෙන්ම, අධික වැසි හේතුවෙන් ජල පහරට ගසාගෙන ගොස් තිබූ අඹතලේ ජල පවිත්‍රාගාරයේ ඉන්ධන බාධකය පිළිසකර කිරීම, කඩුවෙල හෙට්ටිගේ ඇල අවහිර වෙමින් සිරවී තිබූ විශාල ගසක් ඉවත් කිරීම සහ ගාල්ල වක්වැල්ල පාලම තුල සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමද අද දින (2024 ජුනි 06) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.
06 Jun 2024
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, ෆවුල් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ යාන් ඔය මෝය අසල, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලිතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින සිට අද දින (2024 ජුනි 06) දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පනස් දෙදෙනෙකු (52) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jun 2024


