ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්රදේශයේ අද දින (2024 අගෝස්තු 08) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් හයසිය අසූ නවයක (689) පමණ තොගයක් සමඟ ලොරි රථයක්, ඩිංගි යාත්රාවක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.