ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ ඉප්පන්තිව් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්රදේශයේ 2024 අගෝස්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 748.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.