මෙහෙයුම් පුවත්

වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හැට පහක (1865) පමණ තොගයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ එම මසුන් තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Aug 2024