ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්රදේශයේ 2024 සැප්තැම්බර් මස 19 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් අටසිය දහයයක (810) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.