මෙහෙයුම් පුවත්

වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 09 වන දින සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) හා ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Oct 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි එක් දෙනෙකු (21) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

10 Oct 2024