වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 09 වන දින සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) හා ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 09 වන දින දිවා කාලයේදී නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ කුඩා යාත්‍රා යොදවා, ත්‍රීකුණාමලය අසිරිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) හා ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 27 ත් අතර වයසේ පසුවන කුච්චවේලි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් හතර දෙනා (04), ඩිංගි යාත්‍රාව (01) සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.