නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයෙහි 2024 නොවැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, 2024 නොවැම්බර් මස 01 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින්, ත්‍රීකුණාමලය නිලාවේලි අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 44 ත් අතර වයසේ පසුවන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.