ධීවර දැලක පැටළුනු කැස්බෑවන් (07) ක් නාවික හමුදාව විසින් නිරූපද්‍රිතව සාගරයට මුදාහරියි

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර දැලක පැටලී සිටි කැස්බෑවන් හත් දෙනෙකු (07 ) ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව මඟින් නිරික්‍ෂණය කර, එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදා ගැනීමෙන් අනතුරුව නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ මුර සංචාරයේ යෙදී සිටියදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු ධීවර දැලක් නිරීක්‍ෂණය කෙරිණි. එහිදී එම ධීවර දැලේ කැස්බෑවන් පැටලී ජීවිත අවධානමකට පත්ව සිටින බව නිරික්‍ෂණය කර නන්දමිත්‍ර නෞකාවේ කිමිදීමේ කණ්ඩායම් එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදාගැනීම සඳහා යෙදවීමට එම නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් කැළුම් මාරඹගේ විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහත් පරිශ්‍රමයක් දරා, එම ධීවර දැලේ පැටලී මරනාසන්නව සිටි කැස්බෑවන් හත් දෙනෙකු (07) නිරුපද්ද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව මෙලෙස සාගරයට මුදා හැරීමට කටයුතු කෙරිණි.