ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ දායකත්වය
අක්‍රීය තත්වයේ පැවති ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි.
ඒ අනුව, ගල්ගමුව දකුණ, මහවැව සොරොව්වේ ඇතිවු දෝෂයක් හේතුවෙන් එය අක්‍රීය වී තිබු බැවින් එම සොරොව්ව අළුත්වැඩියා කර දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙතින් සිදු කෙරුණු ඉල්ලීමකට බටහිර නාවික විධානට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහයෝගය සහිතව, මහවැව සොරොව්වේ දෝෂය මහත් පරිශ්‍රමයකින් පසු පිළිසකර කර මෙලෙස යථාතත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.