ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් මෙරට බහුදින යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් 2024 නොවැම්බර් මස 24 සහ 25 යන දිනයන්හීදී ඉන්දීය නාවික හමුදාව මඟින්, ඉන්දීය මුහුදු සීමාවේදි අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
එම අයිස් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් අද දින (2024 නොවැම්බර් 29) ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව වෙත ඉන්දීය නාවික හමුදාව විසින් භාර දීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාව විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධිවර යාත්‍රා සහ සැක කරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවති.