නාවික හමුදාව මඟින් මාතර, පොල්අතුමෝදර ගඟ හරහා ඉදි කර ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
මාතර, වැලිගම ප්‍රදේශයේ පොල්අතුමෝදර ගඟ හරහා ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් අද දින (2024 නොවැම්බර් 29) ක්‍රියාත්මක කෙරිණි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පොල්අතුමෝදර ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළි කසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය කඩේවත්ත පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වී ඇති බව, මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්ධීකරණ ඒකකය මඟින්, සිදුකල දැනුම්දීමකට අනුව දකුණු නාවික විධානයට අයත් විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම්, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, වෛද්‍ය අංශය සහ විධාන වරාය ආරක්ෂක අංශයේ නාවිකයින්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් මඟින් මාතර, පොල්අතුමෝදර ගඟ හරහා ඉදි කර ඇති කඩේවත්ත පාලම තුල සිදුකල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම තුලින් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම වැළැක්වීමට නාවික හමුදාවට හැකි විය.