රුපියල් මිලියන 75 කට අධික දළ විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; අද දින (2024 දෙසැම්බර් 04) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්‍රෑම් හාරසිය පනස්පහක (455) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය විසින් අද දින (2024 දෙසැම්බර් 04) යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබු සැකකටයුතු ඩිංගී යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගී යාත්‍රාව තුල ගමන් මලු හතක (07) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ එකසීය අසු අටයි (188) ග්‍රෑම් හාරසිය පනස්පහක (455) තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්‍රෑම් හාරසිය පනස්පහක (455) තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.