මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් 4255ක් සමඟ සැකකරුවන් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මුනායි තුඩුව සහ විනයාසෝදි මුහුදු ප්රදේශයේ 2025 මාර්තු මස 01 වැනි දින රාත්රි කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරදහස් දෙසිය පනස් පහක (4255) පමණ තොගයක් සහ ඩිංගි යාත්රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Mar 2025
රුපියල් මිලියන 78 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදි නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (2025 මාර්තු 03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්රෑම් එකසීය අනු හතකට (197) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Mar 2025
රුපියල් මිලියන 12 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරම ප්රදේශයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම මරිච්චකට්ටි ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ ගංජා කිලෝග්රෑම් තිස් එකකට (31) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
03 Mar 2025


