නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් 4255ක් සමඟ සැකකරුවන් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මුනායි තුඩුව සහ විනයාසෝදි මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 01 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරදහස් දෙසිය පනස් පහක (4255) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2025 මාර්තු මස 01 වැනි දින රාත්‍රී කාලයේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින්, යාපනය, කල්මුනායි තුඩුවට ඔබ්බෙන් සහ විනයාසෝදි මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (17) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරදහස් දෙසිය පනස් පහක (4255) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා හතරක් (04) මෙන්ම, කිමිදුම් උපකරණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 56 ත් අතර වයසේ පසුවන යාපනය, මනියතොට්ටම්, උදයපුරම්, ගුරුනගර්, කුරුනාරු පන්නකුරුප්පු සහ ඒරියලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.