නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කල එනසාල් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරමෙදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 23 වැනි දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රාවක්, සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 23 වැනි දින උදෑසන සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර දහ හතරක (14) අසුරන ලද නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝ 402 ග්‍රෑම් 200ක පමණ තොගයක්, ෂැම්පු පැකට් 3781 ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවන් තිදෙනෙකු (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 50ත් අතර වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා, එනසාල් තොගය, ෂැම්පු තොගය, රූපලාවණ්‍ය ආලේපන පැකට් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.