නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 57 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර පරීක්‍ෂක කාර්යාල සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය කොඩ් බේ, ඉච්චලම්පත්තු, කල්කුඩා, කෝකිලායි, පොතුවිල් සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ මාර්තු මස 08 වැනි දින සිට මාර්තු මස 20 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 57ක් නිතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනූව මෙම පුද්ගලයින් සමඟ නීති විරෝධී උගුල් දැල් එකසිය හතලිස් හතක් (147), නීති විරෝධී ට්‍රැමල් දැල් එකසිය හැත්තෑ දෙකක් (172), මොනොෆිලමන්ට් දැල් තුන්සිය පහක් (305), පර්සින් නෙට් හයක් (06), මුහුදු කූඩැල්ලන් දෙදහස් හාරසිය විසි අටක් (2428), කැබ් රථ තුනක් (03), ත්‍රී රෝද රථයක් (01), අත් ට්‍රැක්ටරයක් (01), ඩිංගි යාත්‍රා නවයක් (09), ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ කුඩා යාත්‍රා හතරක් (04)ද නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය 2025 මාර්තු මස 08 වැනි දින සිට 19 වැනි දින දක්වා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වී මුලතිව් නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, 2025 මාර්තු මස 09 වැනි දින නාවික නෞකා ලංකාපටුන ආයතන මඟින් ලංකාපටුන ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී, 2025 මාර්තු මස 09 වැනි දින සිට 21 වැනි දින දක්වා නාවික නෞකා මහවැලි ආයතනය මඟින් යාඩ් කෝව්, ෆ්ලෑග් ස්ටෆ් පොයින්ට් සහ චැපල් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, 2025 මාර්තු 14 වැනි දින නාවික නෞකා කාශ්‍යප ආයතනය, වාලච්චේන පොලීසිය හා එක්ව කල්කුඩා ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී 2025 මාර්තු මස 15 වැනි දින විජයබා ආයතනය ත්‍රීකුණාලමය මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, 2025 මාර්තු මස 16 වැනි දින නාවික නෞකා වලගම්බා ආයතය මගින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී සහ 2025 මාර්තු මස 17 වැනි දින ගෝකණ්න ආයතනය ත්‍රීකුණාමලය සහකාර ධිවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී, නිතී විරෝධි ධීවර කටයුතු සිදු කල ධීවරයින් සහ ඊට සම්බන්ධ වාහන, යාත්‍රා හා ධීවර ආම්පන්න තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, 2025 මාර්තු මස 08 වැනි දින උතුරු මැද නාවික විධානයේ නාවික නෞකා ගජබා ආයතනය සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය සමඟ සම්බන්ධීකරණයවී මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී 2025 මාර්තු මස 10 වැනි දින උතුරු නාවික විධානයට අයත් නාවික නෞකා වේළුසුමන ආයතනය පල්ලේකුඩා ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, 2025 මාර්තු මස 18 වැනි දින ගිණිකොන නාවික විධානයට අයත් මහානාග ආයතනය මගින් පොතුවිල් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, 2025 මාර්තු මස 20 වැනි දින වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය මගින් ජමාලියා මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී මුහුදු කූඩැල්ලන් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් සමඟ ඩිංගි යාත්‍රාවක්, අත් ට්‍රැක්ටරයක් සහ කැබ්රථ දෙකක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, කැබ් රථ, අත් ට්‍රැක්ටරය, ත්‍රීවීලර් රථයක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය ධීවර පරික්‍ෂක කාර්යාලය, කෝඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය, සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය, කිලිනොච්චි ධීවර පරික්‍ෂක කාර්යාලය, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය, ඊච්චලම්පත්තු ධීවර පරීක්‍ෂක කාර්යාලය, කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ වාලච්චේන පොලීසිය හා පොතුවිල් පොලීසිය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරුණි.