මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 497ක් සමඟ සැකකරුවන් 04ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ 2025 මැයි මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය අනූ හතක (497) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), සහ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

11 May 2025