නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කල වියළි ඉඟුරු සහ එනසාල් තොගයක් කල්පිටිය මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, රොදාපාඩු කලපු ප්රදේශයේ 2025 මැයි මස 17 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන වියළි ඉඟුරු කිලෝග්රෑම් 320 ක පමණ තොගයක් සහ එනසාල් කිලෝග්රෑම් 150 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් නිති විරෝධී ලෙස මෙරටට සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම හේතුවෙන් රජයට ලැබීමට නියමිත බදු අදායම අහිමිවීමෙන් ආර්ථිකයට සිදුවන දිගුකාලීන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, 2025 මැයි මස 17 වැනි දින වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, රොදාපාඩු කලපු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදි එම ඩිංගි යාත්රාවේ තිබූ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන උර දොලහක (12) අසුරන ලද වියළි ඉඟුරු කිලෝග්රෑම් 320 ක පමණ තොගයක් සහ එනසාල් කිලෝග්රෑම් 150 ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි ඉඟුරු, එනසාල් තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.