නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1316කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, පුනරීන් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය දහසයකට (1316) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2025 මැයි මස 30 වැනි දින උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත පුනරීන් කල්මුනෙයි තුඩුව නාවික අනුඛණ්ඩය මගින් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් ආශ්‍රීත වෙරළ හා මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයේ තිබූ සැකකටයුතු උර 15ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ 1316 ග්‍රෑම් 400ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.
තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.