ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්රදේශය ආශ්රිතව අද (2025 ජුනි 05) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්රෑම් දෙදහස් එකසිය විසිතුනක (2,123) පමණ තොගයක් එම ප්රදේශයේ ලඳු කැලෑවක් තුල සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.