බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ කාන්තාවක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදා සහාය
බත්තලන්ගුංඩුව දූපතේ හදිසි හෘදයාබාධයකට ලක්වූ රෝගියෙකු හට මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2025 ජුනි මස 08 වැනි දින සහය විය.
ඒ අනුව, මෙම බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ රෝගියෙකු නාවික හමුදා යාත්‍රාවක් මඟින් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත ගෙනවිත් මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව, කඩිනමින් කල්පිටිය මූලික රෝහල වෙත වැඩිදුර ප්‍රථිකාර සඳහා යොමු කිරීම, නාවික හමුදාව දූපත්වාසී ජනතාවගේ වෛද්‍ය පහසුකම් ඇතුළු ප්‍රජා සත්කාරක සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් නිරන්තර සූදානම සහ කැපවීම මෙලෙස තහවුරු කෙරිණි.