දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 76 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 මැයි 26 සිට ජුනි 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැත්තෑහය දෙනෙකු (76) සමඟ ඩිංගි යාත්‍රා විස්සක් (20) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, යාපනය කඩෙයිකාඩු සහ පුදුමාතලන්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි, අඩුක්කුපාඩු, කොඩ්බේ, පොඩුවකට්ටු, කුච්චවේලි සහ සල්පේආරු මෙන්ම, මඩකලපුව ‍පලමින්මාඩු යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, උතුරු සහ නැගෙනහිර නාවික විධාන මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙලෙස සැක‍කරුවන් 76 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 20ක් සමඟ තහනම් ධීවර දැල් 17ක් නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ත්‍රීකුණාමලය, ඊචලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.

<