නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මැයි මස 26 සිට ජුනි මස 12 දක්වා කාලය තුල සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.48ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29.86ක් සහ කේරල කංසා කිලෝග්‍රෑම් 3.651ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ යතුරුපැදියක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අම්පාර නින්දවූර් හා අක්කරෛපත්තු, අනුරාධපුර රඹෑව හා තඹුත්තේගම සහ මන්නාරම ඌරුමලේ යන ප්‍රදේශ ආශ්‍රිතව, ගිණිකොණ නාවික විධානය සහ උතුරුමැද නාවික විධානය විසින්, අම්පාර, අනුරාධපුර, මන්නාරම හා තඹුත්තේගම පොලිස් ස්ථාන සහ කැබිතිගොල්ලෑව හා අක්කරෛපත්තු පොලිස් විශේෂකාර්ය බළකා සමඟ එක්ව සිදුකල මෙම මෙහෙයුම් මඟින්, අළෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටියදී මෙලෙස මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා නින්දවූර්, අනුරාධපුර, තලෛයිමන්නාරම, ‍තඹුත්තේගම සහ අක්කරෛපත්තුව පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.