මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 485කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඕල්ඩ් පියර් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය අසූපහකට (485) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් පුත්තලම සහ කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් සමඟ ලොරි රථයක් (01), සහ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2025
දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 31 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් එකක් (31) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Jul 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් ආපදාවටපත් ඉන්දීය ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව මුදාගනියි
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.
07 Jul 2025


