නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1330කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම අකකරයනතිව් ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුලි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ එක්දහස් තුන්සිය තිහයි (1330)ග්‍රෑම් තුන්සීයයක් (300) අධික තොගයක් හමුදා සෝදිසි මෙහෙයුමක් මඟින් සොගා ගන්න ලදි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් පුත්තලම, අකක්රයනතිව් ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කැලෑවක තිබූ සැකකටයුතු උර දහසයක් (16) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 485ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි.
තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.