වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලී රෙඩ්රොක් වෙරළ ප්‍රදේශයේ 2025 ජුලි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරුපැදියක් (01) නාවික හමුදා භරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංනානෞ විජයබා ආයතනය විසින් ත්‍රීකුණාමලය නිලාවේලී රෙඩ්රොක් වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී යතුරු පැදියකින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස පුපුරණ දුව්‍ය භාවිතයෙන් ධිවර කටයුතු සිදු කිරීම සඳහා රැගෙන යමින් තිබූ වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් පුපුරණ ද්‍රව්‍ය කූරු 11ක් සමඟ, එම සැක කරුවන් දෙදෙනා (02) සහ යතුරු පැදිය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැක කරුවන්ගේ වයස අවුරුදු 45ක් සහ 49ක් වන ත්‍රීකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, වාණිජ පුපුරණ දුව්‍ය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාරදිමට කටයුතු කෙරිණි.