නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් 08ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම, ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශය, සිලාවතුර සාවාරිපුරම් අරිප්පු බටහිර වෙරළ ප්‍රදේශය සහ උච්චමුනේ වෙල්ල දූපත ආශ්‍රිතව 2025 ජුලි මස 20 සිට 22 දක්වා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් තුන්සිය අනුනවයක (2399) පමණ තොගයක්, එනසාල් කිලෝ ග්‍රෑම් තිස්පහක් (35) සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා හතරක් (04) සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් මඟින්, කල්පිටිය වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ සහ උච්චමුනේ වෙල්ල දූපත ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය හැත්තෑනවයක (779) පමණ තොගයක්, එනසාල් කිලෝ ග්‍රෑම් තිස්පහක් (35) සහ කෘෂි රසායනික පැකට් හා බෝතල් දෙදහස් හයසිය විසිනවයක (2629) තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක්ද (04), ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානය මඟින් ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසුතුනක (883) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින්, 2025 ජුලි මස 21 වැනි දින සිලාවතුර සාවාරිපුරම් ආරිප්පු බටහිර වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බීඩි කොළ කිලෝ හත්සිය තිස්හතක (737) පමණ තොගයක් වශයෙන්, නිති විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ 2399ක පමණ තොගයක්, එනසාල් කිලෝග්‍රෑම් 35ක තොගයක් සහ කෘෂි රසායනික පැකට් හා බෝතල් 2629ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 55ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බීඩි කොළ, එනසාල්, කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම හා මන්නාරම සුරාබදු විශේෂ ඒකක වෙත භාරදීමට කටයුතු කෙරිණි.