නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්පිටිය තිගාලි ප්‍රදේශයේ 2025 අගෝස්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය හැත්තෑනවයකට (379) අධික තොගයක්, විදේශීය දුම්වැටි හයදහසක් (6000), ඖෂධ පෙති දෙලක්‍ෂ අසූඑක්දහස් දෙසීයක් (281200) සහ ඖෂධ එන්නත් එක්දහස් දෙසීය අනූඑකක් (1291) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය පොලීසිය හා එක්ව කල්පිටිය තිගාලි ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම නිවසේ සඟවා තිබූ නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය හැත්තෑනවයකට (379) අධික තොගයක්, විදේශීය දුම්වැටි හයදහසක් (6000), ඖෂධ පෙති දෙලක්‍ෂ අසූඑක්දහස් දෙසීයක් (281200) සහ ඖෂධ එන්නත් එක්දහස් දෙසීය අනූඑකක් (1291) සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන කල්පිටිය එත්තාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සමඟ බීඩි කොළ, විදේශීය දුම්වැටි, ඖෂධ පෙති සහ ඖෂධ එන්නත් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.