ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 95ක් (කිමී 152ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද (2025 සැප්තැම්බර් 05) අළුයම් කාලයේ කටයුතු කෙරිණි.