මෙහෙයුම් පුවත්

මිනිස් ජාවාරම් කරුවන් විසින් අතරමන් කර දමා ගොස් යන ලදැයි සැකකෙරෙන පුද්ගලයින් 06 ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මිනිස් ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත්, තලෛයිමන්නාරම වැලිපර හත ප්‍රදේශයේ අතරමන් කර දමා යන ලද, ශ්‍රී ලාංකික පුද්ගලයන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Sep 2025

නීති විරෝධී ලෙස රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1680ක් සමඟ සැකකරුවන් 02ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී 2025 සැප්තැම්බර් මස 12වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හයසිය අසූවක (1680) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

16 Sep 2025