විදේශීය දුම්වැටි 1618 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වේල්ලවීදියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 සැප්තැම්බර් මස 30 වැනි දින කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හයසිය දහඅටක (1618) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය වෙත ලද තොරතුරකට අනුව, පොලීසිය හා එක්ව කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද, මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු වෙළඳසැලක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම වෙළඳසැලේ අලෙවි කිරීමට සුදානම් කර තිබූ විදේශිය දුම්වැටි එක්දහස් හයසිය දහඅටක (1618) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශිය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වේල්ලවීදිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.