නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති 56,870 ක තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, කීරි වෙරළ ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 06 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති පනස් හයදහස් අටසිය හැත්තැවක (56,870) තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් තාල්පාඩු නාවික අණුඛණ්ඩය මඟින්, මන්නාරම, කීරි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරික්‍ෂණය කර, පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදි එම ඩිංගි යාත්‍රාව තුල තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල ඖෂධ පෙති පනස් හයදහස් අටසිය හැත්තැවක (56,870) තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා කුළුබඩු තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවෙක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඖෂධ පෙති, රූපලාවන්‍ය ද්‍රව්‍ය, කුළුබඩු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.