හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) දකුණු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහු දින ධීවර යාත්‍රාව අද දින (2025 ඔක්තෝබර් 17) ගාල්ල වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ උර දෙකක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53යි ග්‍රෑම් 134ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව; එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ ප්‍රතිපත්තියට අනුව, මත්ද්‍රව්‍ය උවදුරෙන් හා එම සමාජ ව්‍යසනයෙන් දැයේ දුවා දරුවන් මුදාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව; දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් මෙන්ම, මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා සහයෝගීත්වයෙන්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයිනේ වෙරළ තීරය සහ මුහුදු තීරය ආවරණය වන පරිදි, ඒකාබද්ධ සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.
ඒ අනුව, නාවික හමුදාවට ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේද සහය සහිතව දින ගණනාවක් එම මුහුදු ප්‍රදේශයේ සිදුකල අවේක්‍ෂණ කටයුතු මඟින් සිදුකල මෙම මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර දෙකක් (02) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි සැකකරුවන් පස් දෙනා (05) අද දින (2025 ඔක්තෝබර් 17) ගාල්ල වරායට රැගෙනවිත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ විශේෂඥ පරීක්‍ෂාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53 ග්‍රෑම් 134ක පමණ තොගයක් එම උර දෙකෙහි (02) අඩංගු බවට තහවුරු විය.
නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව, නාවික හමුදාව නවීන තාක්‍ෂණික උපාංගයන්ගෙන් සමන්විතව තීව්‍ර නාවික මෙහෙයුම් මඟින් සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදුකරනු ලබන බවත්, ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිරන්තර උපදෙස් හා මඟපෙන්වීම ලැබෙන බවත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිදි දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් පවසන ලදි. එමෙන්ම, ධීවර කටයුතු සිදුකරනු ලබන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබන බැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හෝ ඒ සඳහා අනුබල දීමෙන් වලකින ලෙස ධීවර ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින බවත් එහිදී, දකුණු නාවික විධානයේ ආඥාපති විසින් අවධාරනය කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා (05), හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53 ග්‍රෑම් 134ක තොගය සහ බහුදින ධිවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.