මෙහෙයුම් පුවත්

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) දකුණු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහු දින ධීවර යාත්‍රාව අද දින (2025 ඔක්තෝබර් 17) ගාල්ල වරාය‍ට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ උර දෙකක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53යි ග්‍රෑම් 134ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව; එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

17 Oct 2025