කාර්මික දෝෂයක් හෙතුවෙන් ආපදාවට පත්ව යාපනය අනලතිව් දුපත දෙසට පාවී පැමිණි ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිත වී ආපදාවට පත්ව, යාපනය අනලතිව් දුපත අසලදී ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් තිදෙනෙකු (03) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, නිරුපද්‍රිතව මුදාගැනීමට 2025 ඔක්තෝබර් මස 16 දින කටයුතු කෙරිණි.
එහිදී එම ඉන්දීය ධීවර යාත්‍රාවේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ක්‍රියා විරහිතවී ආපදාවට පත්ව මෙලෙස අනලතිව් දූපත දෙසට පාවි පැමිණ ඇති බව අනාවරණය වූ අතර, නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධිවරයින් තිදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්වෙත පානීය ජලය සහ ආහාර ඇතුළු මානුෂීය ආධාර ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම මුදාගැනීමේ මෙහෙයුම මඟින් නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගත් ඉන්දීය ධීවරයින් තිදෙනා (03), ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මල්ලිපට්නම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වූ අතර, එම පිරිස කරෙයිනගර් වෙත රැගෙන ඒමෙන් පසුව අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව විසින් සිදුකෙරිණි. එහිදී සිදුකල මූලික වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් පසුව, එම ඉන්දීය ධිවරයින් තිදෙනා (03) ඉදිරි කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදාගැනීමේ කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධිවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.