නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1416 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්රදේශය ආශ්රිතව 2025 ඔක්තෝබර් මස 21 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් තලවිල මුහුදු ප්රදේශය ආශ්රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුහුදේ පාවෙමින් තිබූ උර හතලිස් එකක් (41) පරීක්ෂා කෙරිණි. එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලද, බීඩි කොළ කිලෝ ග්රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.