මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Oct 2025

ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමට සිඳුරළ නෞකාව පිටත් වෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරලී ආපදාවට පත්ව ඇති කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමට සමත් වූ අතර, ආපදාතත්වයට පත් මෙම ධීවරයින් පිරිස මුදා ගැනීමේ වැඩිදුර මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

30 Oct 2025