රුපියල් මිලියන 41 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 30 දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ එකසිය අසූපහයි (185) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ ‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’, යන දැක්මට සමඟාමීව, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීමේ ජාතික කරතව්‍ය සඳහා දායකවන නාවික හමුදාව, දිවයින වටා වෙරල තීරය සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය විසින් එම ආයතනයේ වෙරළබඩ මුර යාත්‍රාවක් යොදවා, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ 2025 ඔක්තෝබර් මස 30 දින රාත්‍රී කාලයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර හයක (06) පාර්සල් අසූපහක (85) අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කංසා කිලෝ එකසිය අසූපහයි (185) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් සහ 30ක් වන යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කංසා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතලිස් එකකට (41) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, 2025 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් කේරල කංසා කිලෝ ග්‍රෑම් 5267කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය පියවර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.





