මෙහෙයුම් පුවත්

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 376 ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 2025 නොවැම්බර් මස 20 වැනි දින තංගල්ල ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර 18ක් තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වර් වර්ගයේ හා පිස්තෝල වර්ගයේ පැති අවි 02 ක්, පතොරම් ගැබ් 02ක් සහ චන්ද්‍රිකා දුරකතනයක් ද එහිදී සොයාගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගය සහ නිතී විරෝධී ගිණි අවි, නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

21 Nov 2025