මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 699 ක තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 25 වැනි දින පුත්තලම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය අනූ නවයක (699) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Nov 2025

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්

අයහපත් කාළගුණික තත්වය හමුවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් 2025 නොවැම්බර් මස 22 වන දින සිට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

26 Nov 2025