අයහපත් කාලගුණ තත්වය හමුවේ හඟුරන්කෙත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමෙන් ආපදාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ, හඟුරන්කෙත කොස්ගහලන්ද, මාඔය, උනුවින්න ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ සිරවී සිටි පිරිසක් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඊයේ දිනයේදී (2025 නොවැම්බර් 27) කටයුතු කෙරිණි.

ඒ අනුව, මාඔය උනුවින්න ගම්ප්‍රදේශයට ඇති එකම ප්‍රවේශ මාර්ගය අවහිරවන ලෙස පස් කන්දක් කඩාවැටීමෙන් එම ප්‍රදේශයේ සිරවී සිටි පවුල් දහහතක (17) කුඩා ළමුන් දහඅට දෙනෙකු (18) ඇතුළු පුද්ගලයන් තිස් හත්දෙනෙකු (37) නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් ප්‍රදේශවාසින්ගේද සහයෙන් මෙලෙස නිරුපද්‍රිතව ආරක්‍ෂක ස්ථාන වෙත යොමු කෙරිණි.