අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, කුරුණෑගල මහව ගල්ටැන් වැව පිටාර ගැලීමෙන් සහ පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ ආපදාවට පත් ජනතාව, නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ මෙහෙයුම් අද උදෑසන (2025 නොවැම්බර් 28) සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදා ආපදා සහන කණ්ඩායම්, ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව මහව සහ එළුවන්කුලම ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරණු ලබයි.











