ගංවතුරෙන් ආපදාවට පත්ව යාපනය පුන්ගුඩුතිව් දූපතේ අසාධ්‍යව සිටි රෝගියෙකු ප්‍රථිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
යාපනය ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි තත්වය හමුවේ, ප්‍රවේශ මාර්ග අවහිරවීමෙන් ප්‍රථිකාර ගැනීමට යාමට නොහැකිව හෘදයාබාදයකින් අසාධ්‍යව පුන්ගුඩුතිව් දූපතේ සිරවී සිටි කාන්තාවක්, ප්‍රථිකාර සඳහා කඩිනමින් පුන්ගුඩුතිව් රෝහල වෙත යොමු කිරීමට අද උදෑසන (2025 නොවැම්බර් 28) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, වෙලනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් සිදුකල දැනුම්දීමකට කඩිනමින් ප්‍රථිචාර දැක්වූ නාවික හමුදාව, වෛද්‍ය කාර්යය මණ්ඩලයක් සමඟ ගිලන් රථයක් රෝගී කාන්තාව රැගෙන ඒමට යොමු කෙරිණි. එහිදී, ගංවතුර හේතුවෙන් ප්‍රථිකාර ගැනිමට යාමට නොහැකිව හෘදයාබාධයකින් අසාධ්‍යව සිටි එම කාන්තාව වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රථිකාර සඳහා මෙලෙස යාපනය පුන්ගුඩුතිව් රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.








