ගංවතුරෙන් පීඩාවටපත් ත්‍රීකුණාමලය සහ අම්පාර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව මඟින් ආපදා සහන මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, ත්‍රීකුණාමලය මුතූර් හා කින්නියා ප්‍රදේශයේ සහ අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අද උදෑසන (2025 නොවැම්බර් 28) සිට අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.
ඒ අනුව, ත්‍රීකුණාමලය මුතූර්, ශාෆි නගර්, කින්නියා මයලපංචවේලි සහ අම්පාර කල්මුනේ කිත්තන්ඩි ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් ආරක්‍ෂිත ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම එහිදී නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් සිදුකෙරිණි.















