නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල විදේශීය දුම්වැටි 160,000 ක තොගයක් ඩෙල්ෆ්ට් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 03 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපලාවණ්‍ය සහ අත් ඔරලෝසු තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය විසින් ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර 09ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උරතුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපලාවන්‍ය ක්‍රීම් හා දියර ඇතුළත් ඇසුරුම් 150ක් සහ අත් ඔරලෝසු 10ක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරෙන නාවික හමුදා භාරයට ගත් මෙම විදේශීය දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත් ඔරලෝසු තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



