කල්පිටිය මුහුදු තීරයේදී සිදුකල විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු තීරයේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තුනක් (03) රැගත් ඩිංගි යාත්‍රාවක් සහ එහි සහය සඳහා පැමිණි සිටි තවත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් 04 ක් සමඟ 2025 දෙසැම්බර් 05 දින රාත්රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර තුන (03) අද උදෑසන (2025 දෙසැම්බර් 06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.
එහිදි, අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මනා සංවිධානයකින් යුතුව තීව්ර ලෙස සිදුකරන බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට කිසිදු ඉඩක් නොමැති බවත් ජාවාරම්කරුවන්ට එයින් ඉවත් වන ලෙසටත්,අවධාරනය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය පවත්නා ජාතික ආපදා තත්වය හමුවේ මහජනතාව වෙත මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා දායක වෙමින් සිටියදී වුවද, ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද, සෑම විටම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවත්, කිසිදු ලෙසකින් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන ක්‍රියාවකට ඉඩ නොතබන බවත් එහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් අනාගත පරපුර බේරාගැනීම සඳහා සැමදෙනා වෙතම පුරවැසි වගකීමක් ඇති බව පැවසූ නාවික හමුදාධිපති, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සහ භාවිතාකරන්නන් පිලිබඳ තොරතුරු නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන වෙත ලබාදෙන ලෙස මහජනතාව වෙතින් ඉල්ලා සිටිනබවත්, මෙම ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය වෙතින් සිදුකරනු ලබන දායකත්වය අගයන බවත් එහිදී වැඩිදුරටටැහැ පවසන ලදී.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.








